රුසියානු කෲස් මිසයිල 36ක් බිම හෙළූ බවට යුක්‍රේනයෙන් ප්‍රකාශයක්

රුසියානු කෲස් මිසයිල 36ක් බිම හෙළූ බවට යුක්‍රේනයෙන් ප්‍රකාශයක්

රුසියාව විසින් එල්ල කරන ලද කෲස් මිසයිල 36ක් බිම හෙළූ බව යුක්‍රේන ගුවන් හමුදාව පවසනවා

එල්ල කළ පළමු ප්‍රහාර මාලාවේ දී Kalibr මිසයිල තුනක් සහ සවස් වරුවේ X-101 සහ X-555 මිසයිල 33ක් බිම හෙළූ බවයි යුක්‍රේන හමුදා විසින් තහවුරු කරන්නේ

කෙසේවෙතත් එල්ලවූ මෙම ප්‍රහාරවලදී රුසියානු මිසයිල නිසා ඇතිවූ හානි පිළිබඳව යුක්‍රේනය නිශ්චිතව සඳහන් කර නොමැති බවද සඳහන් වනවා

මේ අතර මොස්කව් විසින් දැනටමත් කිහිප වතාවක් ඉලක්ක කර ඇති බටහිර යුක්‍රේනයේ Khmelnytsky කලාපය ඉලක්ක කරමින් එල්ලවූ තවත් රුසියානු ප්‍රහාරයක් ගැන ගුවන් හමුදාව සඳහන් කර තිබෙනවා

එම ප්‍රහාරය පිළිබඳ තොරතුරු වාර්තා වෙමින් පවතින බවයි වැඩිදුරටත් සඳහන් කරන්නේ

යුක්‍රේනයේ Dnipro මධ්‍යම ප්‍රදේශයේදී ආණ්ඩුකාරවරයා පවසන්නේ බිම හෙළන ලද රුසියානු මිසයිලයක සුන්බුන් හේතුවෙන් ගින්නක් ඇති වූ අතර එය කිසිදු හානියක් සිදු නොවී පාලනය කිරීමට හැකිවූ බවයි.

යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky රුසියාවෙන් එල්ලවූ මිසයිල බහුතරයක් බිම හෙලීම සම්බන්ධයෙන් ගුවන් හමුදාවට ස්තුතිය පුද කර තිබෙනවා

Share This