නයිජර් හි විරෝධතා තවදුරටත් – පක්ෂ මූලස්ථානයටත් ප්‍රහාර (VIDEO)

නයිජර් හි විරෝධතා තවදුරටත් – පක්ෂ මූලස්ථානයටත් ප්‍රහාර (VIDEO)

බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන නයිජර් හි ජනාධිපති Mohamed Bazoum එරට ආරක්ෂක හමුදාවන් විසින් රඳවා තබා ගැනීමෙන් පසු ජනාධිපතිවරයාගේ පක්ෂ මූලස්ථානයට ප්‍රහාරයක් එල්ල කර, ඊට ගිනි තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

පිටත තිබූ මෝටර් රථවලට ගල් ගසා ගිනි තබා ඇති බවද සඳහන් වනවා .

මේ අතර Mohamed Bazoum ජනාධිපතිවරයා නිදහස් කරන ලෙස ඉල්ලා රුසියාව අනෙකුත් රටවල් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග එක්ව ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

වසර දෙකකට පෙර නයිජර් ජනාධිපති ලෙස තේරී පත් වූ 64 හැවිරිදි Mohamed Bazoum බටහිර අප්‍රිකාවේ ඉස්ලාමීය සටන්කාමීන්ට එරෙහි සටනේ ප්‍රධාන ලෙස පෙරමුණ ගත් අයෙක් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

මිලියන හතරකට වැඩි පිරිසකට මානුෂීය ආධාර අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය මීට පෙර පවසා ඇති නමුත් මේ වනවිට නයිජර් හි මානුෂීය මෙහෙයුම් අත්හිටුවා ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා .

මෙහෙයුම් නතර කිරීමට හේතුව කුමක්ද යන්න පැහැදිලි නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

Share This