
උත්කර්ෂවත් LPL තරගාවලියේ ආරම්භය අදයි, පළමු තරගය රාත්‍රී 07.30ට – Lyca’s Jaffna Kings සමග Colombo Strikers
මෙරට උත්කර්ෂවත්ම ක්‍රිකට් සැණකෙළිය, ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ හතරවන අදියර අද(30) ආරම්භ වනවා.
තරගාවලියේ පළමු තරගය Lyca’s Jaffna Kings සමග Colombo Strikers ක්‍රීඩා කරන අතර එය රාත්‍රී 07.30ට ආරම්භ වීමටයි නියමිතව ඇත්තේ.
මෙතෙක් පැවති සියලුම තරගාවලිවල ශූරතාවය දිනාගත් Lyca’s Jaffna Kings කණ්ඩායම සමාරම්භක තරගයට එක් වීම ද විශේෂත්වයක්.
එසේම සියලු තරග SBC නාලිකාව හරහා සජීව නැරඹීමේ හැකියාව පවතින අතර Tamil Fm හරහා තරගාවලියට සජීව සවන්දීමේ හැකියාව ද පවතිනවා.
මීට අමතරව සති අන්තයේ තරග ස්වර්ණවාහිනී ඔස්සේ ද නැරඹීමට හැකියි.
අගෝස්තු 20 වැනිදා දක්වා තරගාවලිය පැවැත්වීමට නියමිත අතර අද තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දීයි.
මූලික වටයේ තරග 20 න් තරග 12 ක් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ද, තරග 8 ක් මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ද පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.
අවසන් මහා තරගය ඇතුළු අවසන් වටයේ සියලු තරග කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
