
LPL සමාරම්භක උත්සවය ආරම්භ වෙයි – පළමු තරගය රාත්‍රී 07.30ට – ප්‍රබල Lyca’s Jaffna Kings සමග Colombo Strikers
මෙරට උත්කර්ෂවත්ම ක්‍රිකට් සැණකෙළිය, ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ හතරවන අදියර මීට සුළු මොහොතකට පෙර ආරම්භ වුණා.
ඒ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දීයි.
තරගාවලියේ පළමු තරගය Lyca’s Jaffna Kings සමග Colombo Strikers ක්‍රීඩා කරන අතර එය රාත්‍රී 07.30ට ආරම්භ වීමටයි නියමිතව ඇත්තේ.
මෙතෙක් පැවති සියලුම තරගාවලිවල ශූරතාවය දිනාගත් Lyca’s Jaffna Kings කණ්ඩායම සමාරම්භක තරගයට එක් වීම ද විශේෂත්වයක්.
එසේම සියලු තරග SBC නාලිකාව හරහා සජීව නැරඹීමේ හැකියාව පවතින අතර Tamil Fm හරහා තරගාවලියට සජීව සවන්දීමේ හැකියාව ද පවතිනවා.
මීට අමතරව සති අන්තයේ තරග ස්වර්ණවාහිනී ඔස්සේ ද නැරඹීමට හැකියි.
