පාකිස්ථානයේ රැලියක් අතරතුර සිදුවූ පිපිරීමෙන් මිය ගිය ගණන 44 දක්වා ඉහළට

පාකිස්ථානයේ රැලියක් අතරතුර සිදුවූ පිපිරීමෙන් මිය ගිය ගණන 44 දක්වා ඉහළට

පාකිස්ථානයේ ඉස්ලාමීය පක්ෂයක් විසින් සංවිධානය කරන ලද රැලියක් අතරතුර සිදුවූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 44 දෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

වයඹ දිග Bajaur දිස්ත්‍රික්කයේ සිදුවූ මෙම පිපිරීමෙන් 100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවද සඳහන්

මෙම පිපිරීම මරාගෙන මැරෙන ප්‍රහාරයක් විය හැකි බවට සාක්ෂි ලැබී ඇති බවයි එරට පොලිසිය BBC පුවත් සේවයට පවසා තිබෙන්නේ

ගලවා ගැනීමේ මෙහෙයුම් මේ වනවිට අවසන් කර ඇති අතර තුවාල ලැබූ සියලු දෙනා රෝහල් ගත කර ඇති බව නිලධාරීහු පවසනවා

පුද්ගලයන් 15 දෙනෙකුගේ තත්ත්වය බරපතල බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවටයි බලධාරීන් විශ්වාසය පළ කරන්නේ

මෙම ප්‍රහාරයට අදාල හේතුව තවමත් පැහැදිලි නැති බවත් ආරක්ෂක අංශ විසින් එම ප්‍රදේශයේ ආරක්ෂාව තර ඇති බවත් පිපිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකෙරෙමින් පවතින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

බලධාරීන් විසින් දිස්ත්‍රික් රෝහලේ සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා

Jamiat Ulema-e-Islam-Fazl (JUI-F) නම් දේශපාලන පක්ෂයේ කලාපීය නායකයෙකු වන මවුලානා සියාවුල්ලා පිපිරීමෙන් මිය ගොස් ඇති බවද ප්‍රාදේශීය නිලධාරීන් BBC පුවත් සේවය වෙත පවසා ඇත්තේ

Share This