දුම්රියක් තුළදී පුද්ගලයින් සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කරයි -මුම්බායිහිදී සැකකරු අත්අඩංගුවට

දුම්රියක් තුළදී පුද්ගලයින් සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කරයි -මුම්බායිහිදී සැකකරු අත්අඩංගුවට

මුම්බායි නගරය ආසන්නයේදී දුම්රියක් තුළදී පුද්ගලයින් සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කළ ඉන්දීය දුම්රිය ආරක්ෂක බලකායේ (RPF) කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා .

පොලිසිය පැවසුවේ චේතන් කුමාර් නැමැති කොස්තාපල්වරයා ජ්‍යෙෂ්ඨ ඉන්දීය දුම්රිය ආරක්ෂක බලකායේ නිලධාරියෙකු සහ මගීන් තිදෙනෙකු ඝාතනය කර ඇති බවයි.

මෙලෙස ඝාතනය කිරීමට හේතුව පිළිබඳව විමර්ශනය කරන අතර මියගිය මගීන් හඳුනා ගැනීමට උත්සාහ කරන බවද බලධාරීන් පවසනවා

ඉන්දියාවේ දුම්රිය මගීන් සහ දේපළ ආරක්ෂා කිරීම ඉන්දීය දුම්රිය ආරක්ෂක බලකායේ නිලධාරීන්ට පැවරී තිබෙනවා

බටහිර රාජස්ථාන් ප්‍රාන්තයේ ජායිපූර් සිට මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මුම්බායි නගරය දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රියකට මෙම වෙඩි තැබීම සිදුව තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

චේතන් කුමාර් හදිසි අවස්ථාවලදී දුම්රිය නැවැත්වීමට භාවිතා කරන අභ්‍යන්තර අනතුරු ඇඟවීමේ සංඥා පද්ධති ක්‍රියාත්මක කර පැනයාමට උත්සාහ කර ඇති අතර මුම්බායි නගරයට ආසන්නයේදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා

Share This