ළමුන් 91ක් අපයෝජනය කළ බවට ඕස්ට්‍රේලියානු ළමාරක්ෂකයෙකුට චෝදනා

ළමුන් 91ක් අපයෝජනය කළ බවට ඕස්ට්‍රේලියානු ළමාරක්ෂකයෙකුට චෝදනා

ළමුන් 91 දෙනෙකුව අපයෝජනයට ලක් කර, එය රූගත කර, අන්තර්ජාලය හරහා බෙදා හැරීමට අදාළව හිටපු ඕස්ට්‍රේලියානු ළමාරක්ෂක සේවකයෙක් චෝදනාවලට ලක්ව තිබෙනවා

වැරදි 1,600කට වැඩි ප්‍රමාණයක් සම්බන්ධයෙන් ඔහු චෝදනා ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

ඕස්ට්‍රේලියාවේ සහ විදේශයන්හි මධ්‍යස්ථාන රැසකදී මෙම පුද්ගලයා වසර 15ක කාලයක් තිස්සේ තරුණ ගැහැණු ළමයින් අපයෝජනය කළ බවටයි එරට පොලිසිය චෝදනා කරන්නේ

ඔහු 2022 අගෝස්තු මාසයේදී අත්අඩංගුවට ගත් නමුත්, විමර්ශනය කිරීමට සහ වින්දිතයන් හඳුනා ගැනීමට පොලිසියට වසරක පමණ කාලයක් ගත වී තිබෙනවා

45 හැවිරිදි මෙම පුද්ගලයාට ස්ත්‍රී දූෂණ 246ක් සහ ළමයින්ට කළ පහරදීම් 673ක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවද සඳහන්

ඔහුට එල්ලවී ඇති චෝදනාවලට අදාළව ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබිය හැකි බව විදෙස් මාධ්‍ය පවසනවා

ළමා අපචාර දර්ශන රූගත කිරීම සහ බෙදා හැරීම සම්බන්ධයෙන්ද ඔහුට චෝදනා ද එල්ල වන අතර ඔහුගේ ඉලෙක්ට්‍රොනික උපාංගවල තිබී ඡායාරූප සහ වීඩියෝපට 4000ක් සොයා ගත් බව එරට පොලිසිය සඳහන් කරනවා

ක්වීන්ස්ලන්තයේ ළමා සුරැකුම් මධ්‍යස්ථාන 10ක මෙන්ම නිව් සවුත් වේල්ස්හි සහ නම් නොකළ විදේශ රටක ළමා සුරැකුම් මධ්‍යස්ථාන 10ක මෙම අපරාධ සිදුව ඇතැයි සඳහන්

තවමත් නම් කර නොමැති මෙම පුද්ගලයා අගෝස්තු 21 වැනි දින බ්‍රිස්බේන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා

Share This