ලැව්ගිනි නිසා එක්සත් ජනපද-කැනඩා දේශසීමාව ආසන්නයේ ඉවත් කිරීම් ඇරඹේ

ලැව්ගිනි නිසා එක්සත් ජනපද-කැනඩා දේශසීමාව ආසන්නයේ ඉවත් කිරීම් ඇරඹේ

පැසිෆික් වයඹ දිග ප්‍රදේශයේ අනතුරුදායක ලෙස ලැව්ගිනි පැතිර යමින් පවතින බැවින් එක්සත් ජනපද-කැනඩා දේශසීමාවේ ආසන්නයේ ඉවත් කිරීම් සිදු වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසනවා.

වොෂින්ටන් ප්‍රාන්තයේ ඔරොවිල් අසල එක්සත් ජනපද වැසියන්ට Eagle Bluff නමින් හඳුන්වන ගින්නෙන් බේරීමට තම නිවෙස්වලින් පිටව යන ලෙස දන්වා බලධාරීන් දන්වා තිබෙනවා

කැනඩාවේ වාර්තාවී ඇති දරුණුතම ලැව්ගිනි සමය මෙය වන බවත් ලැව් ගිනි නිවා දැමීමට උත්සාහ කළ පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබෙන බවත් විදෙස් මාධ්‍ය පවසනවා

අමෙරිකානු රතු කුරුස සංවිධානය පැවසුවේ දේශසීමාවේ සිට කිලෝමීටර් 6.4 පමණ දකුණින් 1,700 කට ආසන්න ජනතාවක් සිටින ඔරොවිල් හි ඉවත් කිරීමේ මධ්‍යස්ථානයක්ද පිහිටුවා ඇති බවයි.

 

Share This