රජු විවේචනය කළ මොරොක්කෝ ජාතිකයෙකු සිරගෙට

රජු විවේචනය කළ මොරොක්කෝ ජාතිකයෙකු සිරගෙට

සිය ෆේස්බුක් සටහන් මගින් හයවන මොහොමඩ් රජු විවේචනය කිරීම සම්බන්ධයෙන් මොරොක්කෝවේ පුද්ගලයෙකුට වසර පහක සිර දඬුවමක් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම පුද්ගලයා ඊශ්‍රායලය සමඟ මොරොක්කෝව සබඳතා සාමාන්‍යකරණය කිරීම සම්බන්ධයෙන් ෆේස්බුක් ඔස්සේ විවේචනය කර තිබෙනවා.

48 හැවිරිදි Said Boukioud හට සඳුදා දින Casablanca හි පළමු අවස්ථාව අධිකරණය විසින් දඬුවම් නියම කරන ලද අතර ඔහු 2020 ෆේස්බුක් හි පළ කළ අදහස් සඳහා “රාජාණ්ඩුව යටපත් කිරීම” සම්බන්ධයෙන්ද ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.

Said Boukioud ඒ වන විට Qatar හි පදිංචිව සිට ඇති අතර මොරොක්කෝවේ නඩු පවරන බව දැනගත් විට, ඔහු පෝස්ට් මකා දමා ඔහුගේ ගිණුම වසා දැමීමට කටයුතු කළ බව සඳහන්.

කෙසේ වෙතත්, පසුගිය සතියේදී Casablanca වෙත ආපසු පැමිණීමෙන් පසු ඔහුව අත්අඩංගුවට ගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This