හඹාගොස් ජයගත් නුවර -UPDATE 02

හඹාගොස් ජයගත් නුවර -UPDATE 02

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අද (04) ආරම්භ වූ හයවන තරගයේ ජය වාර්තා කිරීමට B-Love Kandy කණ්ඩායම සමත් වුණා.

ඒ කඩුලු 7කින්.

පළමුව පන්දුවට පහර දුන් Dambulla Aura කණ්ඩායම ලකුණු 156ක් රැස් කළා.

ඒ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී සිටියදියී.

ඒ අනුව B-Love Kandy කණ්ඩායමට ලකුණු 157ක ඉලක්කයක් හිමි වූ අතර ඔවුන් පන්දුවාර 18යි පන්දු 03කදි ලකුණු 160ක් ලබා ගනිමින් ජය වාර්තා කළා.

ඒ කඩුලු 03ක් දැවී සිටියදීයි.

එමෙන්ම, ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ හත්වන තරගය අද රාත්‍රි 07.30ට පැවැත්වීමට නියමිතයි.

ප්‍රබල Lyca’s Jaffna Kings කණ්ඩායම සහ Galle Titans එම තරගයේ ක්‍රීඩා කරනු ඇති.

තරග පැවැත්වෙන්නේ මහනුවර – පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී යි.

එමෙන්ම මෙම සියලු තරග SBC නාලිකාව හරහා සජීවීව නැරඹීමේ හැකියාව පවතින අතර තමිල් Fm හරහා තරගාවලියට සජීවීව සවන්දීමේ හැකියාව ද පවතිනවා.

එසේම මෙම තරග ස්වර්ණවාහිනී ඔස්සේ ද නැරඹීමට හැකියි.

Dambulla Aura සහ B-Love Kandy කණ්ඩායම් අතර පැවති තරගයේ ලකුණු සටහන පහතින්.

 

………………………..

Aug 4, 2023 at 16:46

දඹුල්ලෙන් නුවරට 157ක ඉලක්කයක් -UPDATE 01

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අද(04) ආරම්භ වූ හයවන තරගයේ පළමුව පන්දුවට පහර දුන් Dambulla Aura කණ්ඩායම ලකුණු 156ක් රැස් කළා.

ඒ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී සිටියදියී.

ඒ අනුව B-Love Kandy කණ්ඩායමට ලකුණු 157ක ඉලක්කයක් හිමිවනු ඇති.

අද තරගයේ කාසියෙ වාසිය දිනාගත්තේ Dambulla Aura කණ්ඩායම වන අතර ඒ අනුවයි ඔවුන් පළමුව පන්දුවට පහර දුන්නේ.

…………………

Aug 4, 2023 at 14:46

කාසියේ වාසිය දිනූ Dambulla Aura පළමුව පන්දුවට පහර දෙයි

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ හයවන තරගයේ කාසියේ වාසිය හිමි කර ගැනීමට Dambulla Aura සමත් වුණා.

ඒ අනුව ඔවුන් මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළා

සවස 03.00ට ආරම්භ වීමට නියමිතව ඇති පළමු තරගය B – LOVE Kandy කණ්ඩායම සහ Dambulla Aura කණ්ඩායම සමග පැවැත්වෙනවා

එමෙන්ම පැවැත්වීමට නියමිත දෙවන තරගය Lyca’s Jaffna Kings කණ්ඩායම සහ Galle Titans කණ්ඩායම අතර පස්වරු 07.30ට ආරම්භවීමට නියමිතයි

මේ තරග දෙකම පැවැත්වෙන්නේ මහනුවර – පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී යි

එමෙන්ම සියලු තරග SBC නාලිකාව හරහා සජීවීව නැරඹීමේ හැකියාව පවතින අතර තමිල් Fm හරහා තරගාවලියට සජීවීව සවන්දීමේ හැකියාව ද පවතිනවා.

එසේම මෙම තරග ස්වර්ණවාහිනී ඔස්සේ ද නැරඹීමට හැකියි

Share This