
Lyca’s Jaffna Kings කණ්ඩායමට ලකුණු 118ක ඉලක්කයක්
ලංකා ප්රිමියර් ලීග් තරගාවලියේ හත්වන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් Galle Titans කණ්ඩායම ලකුණු 117ක් ලබා ගත්තා.
ඒ අනුව Lyca’s Jaffna Kings කණ්ඩායමට ලකුණු 118ක ඉලක්කයක් හිමිවනු ඇති.
Galle Titans කණ්ඩායමේ කඩුලු 09ක්ම බිඳ දැමීමට Lyca’s Jaffna Kings කණ්ඩායම සමත්වීම ද විශේෂත්වයක්.
අගනා පන්දු යැවීමක නිරත වූ Lyca’s Jaffna Kings කණ්ඩායමේ Dunith Wellalage ලකුණු 10කට කඩුලු 04ක් බිඳ දැමුවා.
Nandre Burger ලකුණු 15කට කඩුලු 02යි.
තරගය පැවැත්වෙන්නේ, මහනුවර පල්ලේකැලේ ක්රීඩාංගණයේදීයි.
එමෙන්ම මෙම සියලු තරග SBC නාලිකාව හරහා සජීවීව නැරඹීමේ හැකියාව පවතින අතර තමිල් Fm හරහා තරගාවලියට සජීවීව සවන්දීමේ හැකියාව ද පවතිනවා.
මෙම තරගයේ ලකුණු සටහන පහතින්.


