Lyca’s Jaffna Kings කණ්ඩායමට සුපිරි ජයක්

Lyca’s Jaffna Kings කණ්ඩායමට සුපිරි ජයක්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ හත්වන තරගයේ ජය වාර්තා කිරීමට ප්‍රබල Lyca’s Jaffna Kings කණ්ඩායම සමත් වුණා.

ඒ කඩුලු 08කින්.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් Galle Titans කණ්ඩායම ලකුණු 117ක් ලබා ගත්තා.

ඒ අනුව ලකුණු 118ක ඉලක්කයක් හඹා ගිය ප්‍රබල Lyca’s Jaffna Kings කණ්ඩායම පන්දුවාර 12යි පන්දු 04කදී කඩුලු 02ක් දැවී ජයග්‍රාහී සීමාව පසුකර ගියේ ලකුණු 120ක් ලබා ගනිමින්.

අගනා පිති හරඹයක නිරත වූ Lyca’s Jaffna Kings කණ්ඩායමේ Rahmanullah Gurbaz පන්දු 39කදී ලකුණු 54ක් ලබා ගත්තා.

එසේම Towhid Hridoy ලකුණු 44යි.

තරගයේ වීරයා Lyca’s Jaffna Kings කණ්ඩායමේ Dunith Wellalage.

එමෙන්ම මෙම සියලු තරග SBC නාලිකාව හරහා සජීවීව නැරඹීමේ හැකියාව පවතින අතර තමිල් Fm හරහා තරගාවලියට සජීවීව සවන්දීමේ හැකියාව ද පවතිනවා.

මෙම තරගයේ ලකුණු සටහන පහතින්.

Share This