Galle Titans පරදා Colombo Strikers ජය ලබයි

Galle Titans පරදා Colombo Strikers ජය ලබයි

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දහවන තරගයේ ජය වාර්තා කිරීමට Colombo Strikers කණ්ඩායම සමත් වුණා.

ඒ කඩුලු 07 කින්

පළමුව පන්දුවට පහර දුන් Galle Titans කණ්ඩායම ලකුණු 188ක් රැස් කළා.

ඒ අනුව Colombo Strikers කණ්ඩායමට ලකුණු 189ක ඉලක්කයක් හිමිවූ අතර පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ඔවුන් ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් වුණා.

Colombo Strikers කණ්ඩායාමේ Babar Azam ලකුණු 104 ක් රැස් කිරීමට සමත් වූ අතර Pathum Nissanka ලකුණු 54 ක් ලබා ගත්තා

එමෙන්ම මෙම සියලු තරග SBC නාලිකාව හරහා සජීවීව නැරඹීමේ හැකියාව පවතින අතර තමිල් Fm හරහා තරගාවලියට සජීවීව සවන්දීමේ හැකියාව ද පවතිනවා.

Share This