ඉන්දීය අගමැති මෝදිගේ රජයට එරෙහි විශ්වාසභංග යෝජනාව අද විවාදයට

ඉන්දීය අගමැති මෝදිගේ රජයට එරෙහි විශ්වාසභංග යෝජනාව අද විවාදයට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජයට එරෙහිව විපක්ෂ පක්ෂ විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාවක් ඉන්දීය පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත වනවා .

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස නැවත ධූරයේ පිහිටුවන ලද කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි විපක්ෂය වෙනුවෙන් අද (08) විවාදය ආරම්භ කරනු ඇති

විවාදයෙන් පසු එළඹෙන බ්‍රහස්පතින්දා දින නීති සම්පාදකයින් යෝජනාවට ඡන්දය ප්‍රකාශ කරනු ඇති බවයි පැවසෙන්නේ

2014 දී බලයට පත් වූ පසු මෝදිගේ රජය විශ්වාසභංගයකට මුහුණ දෙන දෙවන අවස්ථාව මෙයයි.

එමෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි බ්‍රහස්පතින්දා දිනයේදී විවාදයට පිළිතුරු දෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා

Share This