ගාල්ල පරදා නුවර ජය ගනී

ගාල්ල පරදා නුවර ජය ගනී

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 12වන තරගයේ ජය වාර්තා කිරීමට B-Love Kandy කණ්ඩායම සමත් වුණා.

ඒ ලකුණු 89 කින්.

කාසියේ වාසිය දිනාගත් Galle Titans කණ්ඩායම පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පන්දුවට පහර දුන් B-Love Kandy කණ්ඩායම ලකුණු 203ක් ලබා ගත්තා.

ඒ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් පමණක් දැවී සිටියදීයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Galle Titans කණ්ඩායමට පන්දුවාර 16යි පන්දු 4කදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 114ක් පමණයි.

ඒ අනුව තරගයේ ජය B-Love Kandy කණ්ඩායමට හිමි වුණා.

මේ අතර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 13වන තරගය අද(08) රාත්‍රි 07ට ආරම්භ වනවා.

එහිදී තරගවදින්නේ ප්‍රබල Lyca’s Jaffna Kings කණ්ඩායම සහ Colombo Strikers කණ්ඩායමයි.

Galle Titans කණ්ඩායම සහ B-Love Kandy කණ්ඩායම අතර පැවති තරගයේ ලකුණු සටහන පහතින්.

 

 

Share This