රුසියානු හමුදා Kharkiv භූමි ප්‍රදේශය අත්පත් කර ගැනීමේ උත්සාහයක

රුසියානු හමුදා Kharkiv භූමි ප්‍රදේශය අත්පත් කර ගැනීමේ උත්සාහයක

රුසියානු හමුදා විසින් Kharkiv භූමි ප්‍රදේශය නැවත අත්පත් කර ගැනීම සඳහා එම ප්‍රදේශයට එල්ල කරන ෂෙල් ප්‍රහාර තීව්‍ර කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

Kharkiv ප‍්‍රදේශයේ සහ Zaporizhzhia ප‍්‍රදේශයට එල්ලවූ ෂෙල් වෙඩි ප‍්‍රහාරවලින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගිය අතර කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව යුක්‍රේන නිලධාරීන් සඳහන් කරනවා

Zaporizhzhia හි හෝටලයකට රුසියානු මිසයිල ප්‍රහාරයක් එල්ල වීමෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් 16 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

මේ අතර එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් යුක්‍රේන ආධාර සඳහා ඩොලර් බිලියන 20 කට වඩා වැඩි මුදලක් කොන්ග්‍රසයෙන් ඉල්ලා ඇති බවද සඳහන් වනවා

Share This