ඉන්දීය අගමැති විශ්වාසභංගය ජය ගනී

ඉන්දීය අගමැති විශ්වාසභංගය ජය ගනී

ඉන්දීය වාර්ගික ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් පැවති විවාදයේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජය විශ්වාසභංගය ජය ගත් බව විදෙස් මාධ්‍ය පවසනවා

දින තුනක විවාදයකින් අනතුරුව අගමැති නරේන්ද්‍ර මෝදි විශ්වාසභංගය ජය ගත් අතර ඉන්දියාව අපකීර්තියට පත් කිරීමට විරුද්ධ පක්ෂ දරන උත්සාහයක් ලෙසටයි මෙය හඳුන්වා ඇත්තේ

විපක්ෂ නායකයින් පවසන්නේ ඊසානදිග මනිපූර් ප්‍රාන්තයේ දැනට පවතින වාර්ගික ගැටුම් පිළිබඳව කතා කරන ලෙස මෝදිට බලකිරීම සඳහා මෙම යෝජනාව ගෙන ආ බවයි.

බහුතර Meitei කණ්ඩායම සහ ගෝත්‍රික කුකී ප්‍රජාව අතර ගැටුම් ඇති වූ මැයි මාසයේ සිට මනිපූර් හි 150කට වැඩි පිරිසක් මිය ගොස් දස දහස් ගණනක් අවතැන් වී තිබෙනවා

මනිපූර් ප්‍රාන්තයේ පවතින අර්බුදය සම්බන්ධයෙන් රාහුල් ගාන්ධි ඉන්දීය අගමැති මෝදිට දොස් පවරා ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

අගමැති නරේන්ද්‍ර මෝදිගේ රජය 2014 බලයට පත්වීමෙන් පසු විශ්වාසභංගයක් පරාජය කළ දෙවැනි අවස්ථාව මෙය බවද සඳහන්

Share This