චීනයේ වගාවන්ට ගංවතුරෙන් බලපෑම්

චීනයේ වගාවන්ට ගංවතුරෙන් බලපෑම්

ඉකුත් දිනවල බලපෑ අධික වර්ෂාව හේතුවෙන් චීනයට අංශ කිහිපයකින් බලපෑම් එල්ල වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ ඊසාන දිග චීනයේ ගොවිබිම් රැසක් ජලයෙන් යටවී ඇති බවයි.

එම ප්‍රදේශය චීනයේ ප්‍රමුඛ පෙළේ ධාන්‍ය නිපදවන ප්‍රදේශයක් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එලෙස ගොවිබිම් යටවීම නිසා ආහාර සුරක්ෂිතතාව පිළිබඳ අවධානමකට ද චීනය මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ.

චීනයේ හයිලොංජියැන්ග් හි සාරවත් ගොවිබිම්වලට ජලය සපයන ගංගා පිටාර ගැලීම හේතුවෙන් කුඹුරු ඉඩම් රැසක් විනාශ වී ඇති බව ද සඳහන්.

එළවළු වගා කර ඇති හරිතාගාර මෙන්ම එම කර්මාන්තශාලාවලට ද ගංවතුරෙන් දැඩි හානි සිදුව ඇතැයි චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළා.

චීනයේ හාබින් ප්‍රදේශයේ ගොවි බිම් හෙක්ටයාර් 90,000 කට අධික ප්‍රමාණයක් ගංවතුරෙන් හානි වී තිබෙනවා.

ෂැංසි නගරයේ හෙක්ටයාර් 42,575 කට වැඩි ප්‍රමාණයක වගා කර තිබූ භෝග ගංවතුරෙන් විනාශ වී ඇති අතර දශක 06 කම පසුව එම ප්‍රදේශයට බලපා ඇති දරුණුතම ජල ගැලීම් තත්ත්වය මෙයයි

Share This