චීනයේ ෂියාන් නගරයේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් 21ක් මරුට

චීනයේ ෂියාන් නගරයේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් 21ක් මරුට

වයඹ දිග චීනයේ ෂියාන් නගරයට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඇති වූ හදිසි ගංවතුර සහ නායයෑම් නිසා අවම වශයෙන් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තවත් හය දෙනෙකු අතුරුදහන් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

නිවාස 900 කට විදුලිය විසන්ධි වී ඇති අතර මාර්ග, පාලම් සහ සන්නිවේදන යටිතල පහසුකම් වලට හානි සිදුව ඇති බවද සඳහන් වනවා

නායයෑම් සහ හදිසි ගංවතුරෙන් පසු ගලවා ගැනීමේ සේවකයින් 1,000 කට ආසන්න පිරිසක් යොදවා ඇති අතර, පුද්ගලයින් 186 දෙනෙකු ඉවත් කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

ඊසානදිග චීනයේද පසුගිය දිනවල ඇතිවූ වාර්තාගත වර්ෂාපතනයෙන් මිලියනයකට වැඩි පිරිසක් අවතැන් වූ බවද විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කළා

ප්‍රාදේශීය බලධාරීන් සඳහන් කරන්නේ ගංවතුර හේතුවෙන් හෙබෙයි පළාතේ අවම වශයෙන් පුද්ගලයින් 29 දෙනෙකු සහ බීජිං අගනුවර 33 දෙනෙකු මියගොස් ඇති බවයි

Share This