චීන ආරක්ෂක ඇමති රුසියාවට

චීන ආරක්ෂක ඇමති රුසියාවට

චීන ආරක්ෂක අමාත්‍ය ලී ෂැංෆු මේ සතියේ රුසියාවේ සහ බෙලරුස් හි සංචාරය කිරීමට නියමිත බව ඔහුගේ අමාත්‍යාංශය ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා

රුසියානු ආරක්ෂක අමාත්‍ය Sergei Shoigu සහ බෙලාරුසියානු ආරක්ෂක අමාත්‍ය Viktor Khrenin ආරාධනයෙන් චීන ආරක්ෂක අමාත්‍යවරයා මෙම සංචාරයේ නිරත වන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

අගෝස්තු 14 සිට 19 දක්වා කාලය තුලදී ඔහු මෙම සංචාරයේ නිරත වනු ඇති බව සඳහන්

රාජ්‍ය මන්ත්‍රී සහ ආරක්ෂක අමාත්‍ය ලී ෂැංෆු රුසියාවට පැමිණීමෙන් පසු ජාත්‍යන්තර ආරක්ෂාව පිළිබඳ 11 වන මොස්කව් සමුළුවට සහභාගී වීමට සහ එහි සංචාරය කිරීමට නියමිත බව චීන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පවසා තිබෙනවා

චීන ආරක්ෂක අමාත්‍යවරයාගේ රුසියානු සංචාරයට ජාත්‍යන්තර ආරක්ෂක සංසදයේ දේශනයක් මෙන්ම රුසියාවේ සහ වෙනත් රටවල ආරක්ෂක දෙපාර්තමේන්තු නායකයින් සමග කෙරෙන රැස්වීම් ද ඇතුළත් වන බව ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කරනව

මේ අතර පසුගිය මාසයේ ව්ලැඩිමීර් පුටින්ගේ සහායකයෙකු පැවසුවේ රුසියානු ජනාධිපතිවරයා ඔක්තෝම්බර් මාසයේදී චීනයට යාමට සැලසුම් කර ඇති බවයි

Share This