කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයෙක් නිසා ගුවන් යානයක් ආපසු හරවයි – අභ්‍යන්තර ගුවන් ගමන් 32 ක් අවලංගු කෙරේ

කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයෙක් නිසා ගුවන් යානයක් ආපසු හරවයි – අභ්‍යන්තර ගුවන් ගමන් 32 ක් අවලංගු කෙරේ

කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයෙක් හේතුවෙන් සිඩ්නි සිට ක්වාලාලම්පූර් වෙත පැමිණි මැලේසියානු ගුවන් යානයක් නැවත ආපසු හරවා සිඩ්නි වෙත ගමන් කිරීමට සිදුව තිබෙනවා

MH122 ගුවන් යානය සිඩ්නි ගුවන් තොටුපලෙන් පස්වරු 1 ට පමණ පසු පිටත්ව ඇති අතර පැය තුනකට පමණ පසු ආපසු පැමිණි බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ .

ගුවන් යානයේ මගීන් 199 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 12 දෙනෙකු සිට ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා

ඕස්ට්‍රේලියානු මාධ්‍ය ආයතනයක් වන Nine News පවසා තිබෙන්නේ 45 හැවිරිදි පුද්ගලයා ගුවන් යානය පුපුරවා හරින බවට තර්ජනය කර ඇති බවයි.

කෙසේ වෙතත්, කාර්ය මණ්ඩල සාමාජිකයින් ඔහුගේ බෑගය පරීක්ෂා කිරීමේදී කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් හමු නොවූ බවද සඳහන් වනවා

ප්‍රකාශයක් නිකුත් කරමින් එරට පොලිසිය සඳහන් කර තිබෙන්නේ අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන මගීන් සියලු දෙනා යානයෙන් ඉවත් කළ බවයි.

මගීන්ට හෝ ගුවන් යානයට කිසිදු තර්ජනයක් නොමැති බව ද පොලිසිය පවසනවා

සිඩ්නි ගුවන් තොටුපළ පැවසුවේ මෙම සිදුවීම හේතුවෙන් අභ්‍යන්තර ගුවන් ගමන් 32 ක් අවලංගු කර ඇති බවයි

Share This