උතුරු කොරියාවේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල රැස්වීමට චීනය විරුද්ධ වෙයි

උතුරු කොරියාවේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල රැස්වීමට චීනය විරුද්ධ වෙයි

උතුරු කොරියාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සැලසුම්ගත රැස්වීමකට චීනය විරුද්ධ වී තිබෙනවා

නිව්යෝර්ක් හි චීනයේ එක්සත් ජාතීන්ගේ මෙහෙයුමේ ප්‍රකාශකයෙක් පවසා තිබෙන්නේ ගැටුම් සහ එදිරිවාදිකම් තීව්‍ර කිරීම වෙනුවෙන් පමණක් මෙය පැවැත්වෙන නිසා විරුද්ධ වී ඇති බවයි

එක්සත් ජනපදය, ඇල්බේනියාව සහ ජපානය මෙම රැස්වීම ඉල්ලා තිබෙන අතර එය එළඹෙන බ්‍රහස්පතින්දා දිනයේ පැවැත්වෙන බවයි වාර්තා වන්නේ

එය 2017 වසරෙන් පසු මෙම ගැටලුව සම්බන්ධයෙන් 15 දෙනෙකුගෙන් යුත් කවුන්සිලයේ පැවැත්වෙන පළමු විධිමත් මහජන රැස්වීම වනු ඇති .

මෙවැනි රැස්වීමක් පැවැත්වීම සඳහා කවුන්සිලයට අමතර වටිනාකමක් ලබා දීමක් ලෙස චීනය නොදකින බවයි චීනයේ එක්සත් ජාතීන්ගේ දූත මණ්ඩල ප්‍රකාශකයා පවසන්නේ

එමෙන්ම කවුන්සිලයෙන් විය යුත්තේ මානව හිමිකම් නොව ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව පවත්වා ගැනීම බවද සඳහන් කර තිබෙනවා

Share This