ලැව්ගිනි නිසා විනාශ වී ඇති හවායි දූපතේ නිරීක්ෂණයකට බයිඩන් සූදානමින්

ලැව්ගිනි නිසා විනාශ වී ඇති හවායි දූපතේ නිරීක්ෂණයකට බයිඩන් සූදානමින්

හවායි දූපතේ ලැව්ගිනි නිසා ඇතිව තිබෙන තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා හැකි ඉක්මනින් තමන් ඒ ප්‍රදේශය වෙත යන බව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබෙනවා

වැඩිදුරටත් ජනාධිපතිවරයා අදහස් දක්වමින් කියා තිබෙන්නේ ප්‍රාන්තයේ ජනතාවට අවශ්‍ය සියල්ල ඔවුන්ට ඇති බව සහතික කිරීමට තමාට අවශ්‍ය බවයි.

මේ වනවිට ලැව්ගිනිවලින් මියගිය සංඛ්‍යාව 101 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර පුද්ගලයන් 1,300 ක් පමණ අතුරුදන් වී තිබෙනවා

සෙවීම් සහ ගලවා ගැනීමේ විශේෂඥයින් 150ක් ඇතුළුව සහන ප්‍රයත්නයන් සඳහා උපකාර කිරීමට ෆෙඩරල් හදිසි පුද්ගලයින් 500කට අධික සංඛ්‍යාවක් මේ වන විට යවා ඇති බවද ජනාධිපතිවරයා පවසනවා

දැනටමත් භූමියේ සිටින අයට උපකාර කිරීමට තවත් අමතර පිරිස් Maui ප්‍රාන්තය වෙත යවා ඇති බවද ජෝ බයිඩන් සඳහන් කරනවා

හවායි හි බලධාරීහු පවසා ඇත්තේ, Maui හි දරුණුතම බලපෑමට ලක් වූ ප්‍රදේශවලින් තවත් සිරුරු සොයා ගැනීමත් සමග ඉදිරි දිනවලදී මරණ සංඛ්‍යාව ඉහළ යනු ඇති බවට විශ්වාස කරන බවයි.

Share This