එක්සත් ජනපද වෙළඳසැලක සාප්පු කූඩයකින් හමුවු සර්පයා

එක්සත් ජනපද වෙළඳසැලක සාප්පු කූඩයකින් හමුවු සර්පයා

එක්සත් ජනපදයේ වෙළඳසැලක සාප්පු සවාරි යන්නන් අනපේක්ෂිත ලෙස කම්පනයට පත් කරමින් සාප්පු කූඩයකින් අඩි 6 ක් දිග බෝවා සර්පයෙකු හමුවී තිබෙනවා.

රතු වලිගයක් සහිත එම උරගයා එම ස්ථානයෙන් ඉවත් කර ඇති අතර උරගයා ගබඩාවට ඇතුළු වූයේ කෙසේද යන්න පිළිබඳව බලධාරීන් තවමත් විමසිල්ලෙන් පසුවන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

මෙම සිදුවීම උදෑසන අයෝවා හි සියුක්ස් නගරයේ සාප්පු සංකීර්ණයක සිදුවූ අතර උරගයා ඉවත් කිරීමට සත්ත්ව පාලන අංශයේ නිලධාරීන්ද පැමිණියා.

විස්කොන්සින් හි රේසීන් සත්වෝද්‍යානය විසින් සපයන ලද තොරතුරුවලට අනුව, පිරිමි කොලොම්බියානු රතු වලිග සහිත බෝවා සාමාන්‍යයෙන් දිග අඩි 6 ත් 8 ත් පමණ වනවා.

එමෙන්ම ගැහැණු සතුන් සාමාන්‍යයෙන් අඩි 7 සිට 9 දක්වා පරාසයක පවතිනවා.

විශාල ගැහැණු බෝවා උරගයන් රාත්තල් 30 දක්වා බර විය හැකි බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත් පවතින වියළි කාලගුණයත් සමග මෙම මාරාන්තික විෂ සහිත උරගයන් සාප්පු සංකීර්ණවලට පැමිණීම සුලබ වී ඇති අතර මේ ගැන සාප්පු හිමියන් මෙන්ම පාරිභෝගිකයන්ද විමසිල්ලෙන් පසුවිය යුතු බවයි එරට සත්ත්ව අංශ පෙන්වා දී ඇත්තේ.

Share This