කැනඩාවේ ලැව්ගිනි හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට

කැනඩාවේ ලැව්ගිනි හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට

කැනඩාවේ වයඹ දිග ප්‍රදේශයේ අගනුවර ලැව්ගිනි පැතිර යමින් පවතින අතර දහස් ගණනක් ජනතාව එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමේ නියෝග නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

මෙම ලැව්ගින්න සති අන්තය වන විට Yellowknife නගරයට ළඟා විය හැකි බවයි එරට නිලධාරීහු පවසා ඇත්තේ

200කට වඩා වැඩි ලැව්ගිනි ප්‍රමාණයක් පැතිර යන බැවින් පැතිර යන බැවින් වයඹ දිග ප්‍රදේශවලට හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා

මෙම සතිය මුලදී ඇති වූ තද සුළං හේතුවෙන් ලැව්ගිනි පැය කිහිපයක් ඇතුළත කිලෝමීටර 30 ක් දක්වා පැතිර ගොස් ඇති අතර නගරයෙන් පිටත ඇති අධිවේගී මාර්ග දෙකක්ද වසා දමා ඇති බවයි පැවසෙන්නේ

නගරයේ ආහාර සහ ඉන්ධන සැපයුම් අඩුවෙමින් පවතින බව එහි නගරාධිපතිවරයා සඳහන් කර තිබෙනවා

Share This