Dambulla Aura අවසන් මහා තරගයට

Dambulla Aura අවසන් මහා තරගයට

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අද (17) පැවැති අවසන් වටයේ (Qualifier 1) පළමු තරගයේ ජය වාර්තා කිරීමට Dambulla Aura කණ්ඩායම සමත් වුණා.

ඒ කඩුලු 06 කින් ජය වාර්තා කිරීමත් සමඟයි

ඒ අනුව ඔවුන් 20 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා

තරගයේ කාසියේ වාසිය Dambulla Aura කණ්ඩායමට හිමි වූ අතර ඔවුන් පන්දු රැකීම තෝරාගත්තා.

ඒ අනුව පන්දුවට පහරදුන් Galle Titans කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 146ක් ලබා ගත්තා

ලකුණු 147 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය Dambulla Aura කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 04 අවසානයේ කඩුලු 04ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළා.

මෙම සියලු තරග ස්වර්ණවාහිනී නාලිකාව සහ SBC නාලිකාව හරහා සජීවීව නැරඹීමේ හැකියාව පවතින අතර තමිල් Fm හරහා සජීවීව සවන්දීමේ හැකියාව ද පවතිනවා.

තරගයේ ලකුණු සටහන පහතින්

Share This