ට්‍රම්ප් ජනාධිපතිවරයාව සිටිය දී විෂ අඩංගු කළ ලිපියක් යැවූ කැනේඩියානු කාන්තාවකට වසර 22ක සිර දඬුවම්

ට්‍රම්ප් ජනාධිපතිවරයාව සිටිය දී විෂ අඩංගු කළ ලිපියක් යැවූ කැනේඩියානු කාන්තාවකට වසර 22ක සිර දඬුවම්

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාව සිටියදී මාරාන්තික විෂ අඩංගු කළ ලිපියක් යැවීම සම්බන්ධයෙන් කැනේඩියානු කාන්තාවකට එක්සත් ජනපදයේ වසර 22 ක සිර දඬුවම් නියම කර තිබෙනවා

56 හැවිරිදි Pascale Ferrier ව නිව් යෝර්ක් හි බෆලෝ හි දේශසීමා හරස් මාර්ගයක දී 2020 වසරේ සැප්තැම්බර් මාසයේදී අත්අඩංගුවට ගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ

ප්‍රංශයේ සහ කැනඩාවේ ද්විත්ව පුරවැසියෙකු වන Ferrier අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇය තුවක්කුවක්, පිහියක් සහ පතොරම් උණ්ඩ රැගෙන යමින් සිටි බවයි පැවසෙන්නේ

එඬරු බෝංචි සැකසීමෙන් ඉතිරි වූ අපද්‍රව්‍ය වලින් සාදන ලද රයිසින් නැමැති වස ක්විබෙක් හි තම නිවසේ දී ඇය විසින් සෑදු බවත් එය ලිපියක් සහිත ලියුම් කවරයක දමා ඩොනල්ඩ් ට්‍රම්ප්ට යැවූ බවත් ඇය පසුව පිළි ගෙන තිබුණා.

මෙය ලබාදෙන මාත්‍රාවට අනුව පැය 36 සිට 72 දක්වා කාලයක් තුළ මරණයට පත් විය හැකි බව එක්සත් ජනපද රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථාන පවසා තිබෙනවා

කෙසේවෙතත් Ferrier උසාවියේදී ප්‍රකාශ කළේ තම සැලසුම අසාර්ථක වීම ගැන කණගාටු වන බවයි

ජනාධිපතිවරණ තරගයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඉවත් වන ලෙස ඉල්ලා තිබූ ලිපියේ ඇගේ ඇඟිලි සලකුණු සොයා ගත් බව ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI ) සඳහන් කරනවා

සිරදඬුවම් විඳීමෙන් පසු Pascale Ferrierව එක්සත් ජනපදයෙන් පිටුවහල් කරනු ලබන අතර ඇය කවදා හෝ නැවත පැමිණියහොත් ජීවිතාන්තය දක්වා අධීක්ෂණයට මුහුණ දෙනු ඇති බවත් විදෙස් මාධ්‍ය පවසනවා

එමෙන්ම ටෙක්සාස් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් අට දෙනෙකුටද මේ හා සමානව මාරාන්තික විෂ අඩංගු කළ ලිපි එවූ බව Pascale Ferrier පිළි ගෙන තිබෙනවා

Share This