2023 පාසල් රග්බි ලීග් තරගාවලියේ ශූරතාව අපරාජිත බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයට

2023 පාසල් රග්බි ලීග් තරගාවලියේ ශූරතාව අපරාජිත බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයට

මෙවර අන්තර් පාසල් පළමු පෙළ ලීග් රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය සමත් වී තිබෙනවා.

තරගාවලිය පුරාවට ඔවුන් අපරාජිතව ක්‍රීඩා කිරීම විශේෂත්වයක්.

මේ අනුව අද (19) පස්වරුවේ පැවැති අවසන් තරගයේදී බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය කොළඹ ඉසිපතන විද්‍යාලය පරාජය කළා.

ඒ ඉසිපතන විද්‍යාලයට එරෙහිව ලකුණු 28 ට 17 ලෙස විශිෂ්ට ජයක් වාර්තා කරමින්.

බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය 2023 අන්තර් පාසල් පළමු පෙළ ලීග් රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගත්තේ වසර 13කට පසුව වීම විශේෂත්වයක් වනවා.

Share This