
මෙරට පාපන්දුවට ඇති ජාත්‍යන්තර තහනම ඉවත් කර ගැනීමේ උත්සහයක්
ඉතා ඉක්මනින්ම මෙරට පාපන්දුවට ඇති ජාත්‍යන්තර තහනම ඉවත් කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති බව ජස්වර් උමාර් මහතා පවසනවා.
මෙවර පාපන්දු නිලවරණය සදහා නාමයෝජනා බාර දීමෙන් අනතුරුවයි ඔහු මේ බව කියා සිටියේ.
ජස්වර් උමාර්ගේ නායකත්වයෙන් යුත් ඒකාබද්ධ පෙරමුණ, පාපන්දු නිලවරණය සදහා නාමයෝජනා බාර දීම සිදු කළේ ඊයේ(19) දිනයේ දීයි.
මෙහිදී ලීග 67න් 58ක්ම ජස්වර් උමාර්ගේ ඒකාබද්ධ කණ්ඩායමට සහාය පළ කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර, නාම යෝජනා පිළිබඳ අභියාචනා භාරගැනීම සැප්තැම්බර් මස 01වෙනිදා සිට 03වැනි දා දක්වා සිදු කෙරෙන අතර අභියාචනා සලකා බැලීම 4වැනි දා සිදු කෙරෙනවා.
ඒ අනුව සභාපති ඇතුළු නිලධාරීන් දහතුන් දෙනෙකු තෝරා ගැනීම සඳහා ඉදිරිපත් වන අවසාන නාම යෝජනා ලයිස්තුව සැප්තැම්බර් 4 වැනිදා ප්‍රකාශයට පත් කිරීමටයි නියමිතව ඇත්තේ.
