නැගෙනහිර කොංගෝවේ අවතැන් වූ පවුල් සිය ගණනක් ජීවත්වූ කඳවුරක ගින්නක් – ළමුන් 7ක් මරුට

නැගෙනහිර කොංගෝවේ අවතැන් වූ පවුල් සිය ගණනක් ජීවත්වූ කඳවුරක ගින්නක් – ළමුන් 7ක් මරුට

නැගෙනහිර කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ අවතැන් වූ පවුල් සිය ගණනක් ජීවත්වූ කඳවුරක ඇති වූ ගින්නකින් අවම වශයෙන් ළමුන් හත් දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

පසුගිය මැයි මාසයේදී ගංවතුර සහ නායයෑම් හේතුවෙන් විනාශ වූ බුෂුෂු ගම්මානයේ පවුල් මෙම කඳවුරේ වාසය කළ බවයි පැවසෙන්නේ

කඳවුර මැදින් ආරම්භවූ ගින්න පැතිර යාමෙන් පැල්පත් සිය ගණනක් විනාශ වී ඇති බව සඳහන්

වැඩිහිටියන් කිහිප දෙනෙකු පිළිස්සුම් තුවාලවලට ප්‍රතිකාර ලබමින් සිටින බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This