ඉන්දියාවේ චන්ද්‍රයාන්-3 අභ්‍යවකාශ යානය සවස 6.04ට සඳ මතුපිටට – ඓතිහාසික මොහොත නැරඹීමට දහස් ගණනක් සූදානමින්

ඉන්දියාවේ චන්ද්‍රයාන්-3 අභ්‍යවකාශ යානය සවස 6.04ට සඳ මතුපිටට – ඓතිහාසික මොහොත නැරඹීමට දහස් ගණනක් සූදානමින්

ඉන්දියාවේ චන්ද්‍රයාන්-3 අභ්‍යවකාශ යානය අද ( 23) එරට වේලාවෙන් සවස 6.04ට සඳ මතුපිටට ගොඩ බැස්සවීමට සූදානම් බව විද්‍යාඥයන් පවසා තිබෙනවා

මෙය රට පුරා සජීවීව විකාශය කිරීමට නියමිත අතර මෙය නැරඹීම සඳහා පාසල්ද විවෘත වන බවත් අභ්‍යවකාශ ලෝලීන් මෙම ඓතිහාසික මොහොත වෙනුවෙන් සාද සංවිධානය කර ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන බ්‍රික්ස් සමුළුවට සහභාගී වන අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අන්තර්ජාලය ඔස්සේ එක්වීමට නියමිත බවද සඳහන්

චන්ද්‍රයාන්-3 අභ්‍යවකාශ යානය සඳ මතුපිටට ගොඩ බැස්සවීම බාධාවකින් තොරව සිදුවනු ඇතැයි අභ්‍යවකාශ ඒජන්සිය (ISRO) විශ්වාසය පළ කර තිබෙනවා

අභ්‍යවකාශ යානය සඳ මතුපිටට ගොඩ බැස්සවීම සාර්ථක වුවහොත් රුසියාව, එක්සත් ජනපදය සහ චීනයට පසුව සඳ මත රෝවරයක් ගොඩ බැස්සවූ සිව්වන රට බවට ඉන්දියාව පත් වනු ඇති

Share This