ඉන්දියාවේ ඉදිවෙමින් පවතින පාලමක් කඩා වැටීමෙන් 17ක් මරුට

ඉන්දියාවේ ඉදිවෙමින් පවතින පාලමක් කඩා වැටීමෙන් 17ක් මරුට

ඊසානදිග ඉන්දියාවේ ඉදිවෙමින් පවතින පාලමක් කඩා වැටීමෙන් කම්කරුවන් 17කට වඩා මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

Mizoram ප්‍රාන්තයේ Sairang නගරයේ මෙම පාලම කඩා වැටීමෙන් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව එහි ප්‍රධාන අමාත්‍ය Zoramthanga පවසා තිබෙනවා

බ්‍රික්ස් ආර්ථික සමුළුව සඳහා දකුණු අප්‍රිකාවට ගොස් සිටින අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද මෙම සිදුවීමෙන් මියගිය අය වෙනුවෙන් සිය ශෝකය පළ කර ඇති බවද සඳහන්

මේ අතර මියගිය අයගේ සමීපතම ඥාතීන්ට ඩොලර් 2,500 කට ආසන්න මුදලක් සහ තුවාල ලැබූ කම්කරුවන්ට ඩොලර් 600 ක මුදලක් ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

Share This