දේශසීමා ගැටළු සම්බන්ධයෙන් චීන ජනපති සහ ඉන්දීය අගමැති අතර සාකච්ඡා

දේශසීමා ගැටළු සම්බන්ධයෙන් චීන ජනපති සහ ඉන්දීය අගමැති අතර සාකච්ඡා

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ චීන නායක ෂී ජින්පින්ග් වසර තුනකට පෙර සබඳතා පළුදු වූ දේශසීමා පිළිබඳව වූ ගැටළුව සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

බ්‍රික්ස් ආර්ථික කණ්ඩායම් රැස්වීම සඳහා ජොහැන්නස්බර්ග් වෙත පැමිණ සිටින මෝදි සහ ෂී සමුළුවට සමගාමීව සංවාදයක් පැවැත්වූ බවයි ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා වාර්තාකරුවන්ට පවසා ඇත්තේ

ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ රටවල් දෙක වන ඉන්දියාවේ සහ චීනයේ නායකයින් අතර මුහුණට මුහුණ හමුවී මෙලෙස සාකච්ඡා පැවැත්වීමද විශේෂත්වයක් ගෙන එන බවද පැවසෙනවා

දේශසීමා ප්‍රදේශවල සාමය, සන්සුන් භාවය පවත්වා ගැනීම සහ නිරීක්ෂණය කිරීම මෙන්ම ගරු කිරීමද ඉන්දියාව-චීන සබඳතාව සාමාන්‍යකරණය කිරීම සඳහා අත්‍යවශ්‍ය බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙහිදී අවධාරණය කර තිබෙනවා

එමෙන්ම ප්‍රකාශයක් නිකුත් කරමින් චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටියේ නායකයින් දෙදෙනා අනෙකුත් අවශ්‍යතා අතර වර්තමානයේ චීන-ඉන්දියානු සබඳතා පිළිබඳව අවංක හා ගැඹුරු අදහස් හුවමාරු කර ගත් බවයි.

චීන-ඉන්දියා සබඳතා වැඩිදියුණු කිරීම දෙරටේ සහ ජනතාවගේ පොදු අවශ්‍යතා සඳහා අවශ්‍ය බවයි චීන ජනාධිපති ෂී අවධාරණය කරන්නේ

දෙපාර්ශ්වය ඔවුන්ගේ ද්විපාර්ශ්වික සබඳතාවල අවශ්‍යතා මතක තබා ගත යුතු බවත් දේශසීමා කලාපයේ සාමය සහ සන්සුන් භාවය ඒකාබද්ධව ආරක්ෂා කිරීම සඳහා දේශසීමා ගැටලුව නිසි ලෙස හැසිරවිය යුතු බවත් චීන ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබෙනවා

Share This