ග්‍රීසියේ ලැව් ගිනි ඇති කිරීමට උත්සාහ කළ 79ක් අත්අඩංගුවට

ග්‍රීසියේ ලැව් ගිනි ඇති කිරීමට උත්සාහ කළ 79ක් අත්අඩංගුවට

ග්‍රීසියේ ලැව් ගිනි ඇති කිරීමට ගිනි තැබීම් කළ 79 දෙනෙක් එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා

එරට සිවිල් ආරක්ෂක අමාත්‍ය Vassilis Kikilias පවසා ඇත්තේ ඇතන්ස්හි වයඹ දෙසින් පිහිටි පර්නිතා කන්දේ නව ලැව් ගිනි ඇති කිරීමට මෙම පුද්ගලයින් කිහිප වතාවක්ම උත්සාහ කර ඇති බවයි.

ලැව්ගිනි නිසා මේ සතියේ පමණක් අවම වශයෙන් පුද්ගලයින් 20 දෙනෙකු මිය ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

දේශසීමා අසල ලැව්ගිනි නිසා විනාශ වූ ග්‍රීක වනාන්තරයකින් සංක්‍රමණිකයින් බවට විශ්වාස කෙරෙන 18 දෙනෙකුගේද සිරුරු මිට පෙර හමුවුණා

ග්‍රීසිය පුරා ගිනි නිවන භටයන් සිය ගණනක් දින ගණනාවක් තිස්සේ තවමත් ලැව්ගිනි නිවා දැමීම සඳහා උත්සාහ කරමින් සිටින බවයි පැවසෙන්නේ

 

Share This