වැග්නර් නායකයා මියගිය බව නිල වශයෙන් තහවුරු වෙයි

වැග්නර් නායකයා මියගිය බව නිල වශයෙන් තහවුරු වෙයි

වැග්නර් කුලී හේවා කණ්ඩායමේ නායක Yevgeny Prigozhin මියගිය බව නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.

සිදුකරන ලද අණුක ජාන පරීක්ෂණයකින් අනතුරුව පසුගියදා ගුවන් අනතුරකින් මියගිය පිරිස අතර වැග්නර් කුලී හේවා කණ්ඩායමේ නායකයා සිටි බවට තහවුරු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Yevgeny Prigozhin මෙන්ම අනෙක් 09 දෙනාගේම අනන්‍යතාවය ද අණුක ජාන පරීක්ෂණ අනුව තහවුරු වී තිබෙනවා.

වැග්නර් ප්‍රධානී Yevgeny Prigozhin ඇතුළු 10 දෙනෙකු ගමන් ගත් ජෙට් යානයක් කඩා වැටුණු බවට වාර්තා වුණේ පසුගිය 24 වෙනිදායි.

Share This