හයිටි රාජ්‍යයේ වෙඩි තැබීමකින් 7ක් මරුට

හයිටි රාජ්‍යයේ වෙඩි තැබීමකින් 7ක් මරුට

හයිටි රාජ්‍යයේ ආගමික ස්ථානයක් විසින් මෙහෙයවන ලද විරෝධතාවයකට මැර කල්ලියක් විසින් වෙඩි තබා ඇති අතර, අවම වශයෙන් පුද්ගලයින් 7 දෙනෙකු මිය ගොස් ඇති බව මානව හිමිකම් කණ්ඩායම් පවසනවා

විරෝධතාවයේ යෙදෙමින් පාගමනක යෙදී සිටි පිරිසකටයි මෙම වෙඩි තැබීම් සිදුව ඇත්තේ

වෙඩි වැදීමෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව තවත් වැඩි විය හැකි බව මානව හිමිකම් පිළිබඳ විශ්ලේෂණ හා පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ Gédéon Jean පවසා තිබෙනවා

තවත් පිරිසක් තුවාල ලබා ඇති අතර තවත් 10 දෙනෙකු පමණ පැහැරගෙන ගොස් ඇති බවට විශ්වාස කරන බවයි Gédéon Jean වැඩිදුරටත් සඳහන් කරන්නේ

Share This