ග්‍රීසියට යන්න ගිය යාත්‍රා 2ක් ගිලෙයි – 5ක් මරුට

ග්‍රීසියට යන්න ගිය යාත්‍රා 2ක් ගිලෙයි – 5ක් මරුට

තුර්කි වෙරළ ආසන්නයේ දී සංක්‍රමණිකයින් රැගත් යාත්‍රා 2ක් ගිලී යාමෙන් ළමුන් ඇතුළු පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබෙනවා.

තුර්කියේ සිට ග්‍රීසියේ දූපත් වෙත ගමන් කරමින් තිබූ යාත්‍රා දෙකක් මෙලෙස ගිලී යාමට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් අදාළ යාත්‍රාවන්ගේ සිටි පුද්ගලයින් 12 දෙනෙකු බේරා ගැනීමට මුදාගැනීමේ කණ්ඩායම් සමත් වී ඇති අතර මියගිය අය අතරින් සිව් දෙනෙකුම ළමුන් වනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංඛ්‍යාලේඛනවලට අනුව මෙම වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ පුද්ගලයින් 14,000 කට වැඩි පිරිසක් ගොඩබිම් සහ මුහුදු මාර්ගවලින් ග්‍රීසියට පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This