බාලි මුහුදු ප්‍රදේශයේ රිච්ටර් මාපක 7.0 ක භූමිකම්පාවක්

බාලි මුහුදු ප්‍රදේශයේ රිච්ටර් මාපක 7.0 ක භූමිකම්පාවක්

ඉන්දුනීසියාවේ බාලි මුහුදු ප්‍රදේශයේ රිච්ටර් මාපක 7.0 ක භූමිකම්පාවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

ඉන්දුනීසියාවේ මාතරම් සිට කිලෝමීටර් 201 ක් උතුරින් සහ පෘථිවි පෘෂ්ඨයට කිලෝමීටර් 518 ක් දුරින් මෙම කම්පනය වූ බව සඳහන් වනවා

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) එය රිච්ටර් මාපකයේ 7.1ක් ලෙස සටහන් කර තිබෙනවා.

මේ අතර, අමෙරිකානු සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතියට අනුව මුහුදු පත්ලට යටින් ඇති වූ භූ කම්පනයේ ප්‍රතිඵලයක් ලෙස සුනාමි අවදානමක් නොමැති බවද වාර්තා වනවා

Share This