පුටින්ගෙන් මෝදිට දැනුම්දීමක්

පුටින්ගෙන් මෝදිට දැනුම්දීමක්

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් තමන් G20 සමුළුවට සහභාගී නොවන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට දුරකථන ඇමතුමක් ලබා දෙමින් පවසා තිබෙනවා

සැප්තැම්බර් 9-10 දක්වා දිල්ලි අගනුවර පැවැත්වෙන G20 සමුළුවට මෙවර සත්කාරකත්වය දරන්නේ ඉන්දියාවයි.

තමන් වෙනුවෙන් විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් සමුළුවට සහභාගි වන බව වැඩිදුරටත් රුසියානු ජනාධිපතිවරයා පවසා තිබෙනවා

රුසියානු ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අන්‍යෝන්‍ය වශයෙන් සැලකිලිමත් වන කලාපීය සහ ගෝලීය ගැටලු කිහිපයක් පිළිබඳව ද සාකච්ඡා කළ බව ඉන්දියාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා

රුසියානු රජයේ ප්‍රකාශකයෙකු ප්‍රකාශ කර ඇත්තේ රුසියානු ජනාධිපතිවරයා කාර්යබහුල කාලසටහනක සිටින බැවින් සමුළුවට සහභාගී නොවන බවයි.

G20 සමුළුවට ලෝකයේ ධනවත්ම රටවල් 19ක් සහ යුරෝපා සංගමය ඇතුළත් වනවා

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් ඇතුළු ලෝක නායකයින් සහභාගීවන මෙම දිල්ලි සමුළුවේ දී රුසියාව විසින් කළ යුක්‍රේන ආක්‍රමණය පිළිබඳව කතා බහට ලක් වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා

Share This