බංගලිදේශයේ සුපිරි පිතිකරු Litton Das 2023 ආසියානු කුසලානයෙන් ඉවතට

බංගලිදේශයේ සුපිරි පිතිකරු Litton Das 2023 ආසියානු කුසලානයෙන් ඉවතට

බංග්ලාදේශයේ සුපිරි පිතිකරු Litton Das 2023 ආසියානු කුසලානයෙන් ඉවත් වී ඇති බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසනවා.

ඔහුට වැළඳී ඇති වෛරස් උණ රෝගයෙන් සුවය ලැබීමට නොහැකි වීම නිසා Litton Das 2023 ආසියානු කුසලානයෙන් ඉවත් කර ඇති බවයි සඳහන් වන්නේ.

මේ නිසා ඔහු පල්ලෙකැලේ පැවැත්වෙන බංග්ලාදේශ ආරම්භක තරගය සඳහා ශ්‍රී ලංකාවට පැමිණ නැහැ.

Litton Das ආසියානු කුසලානයෙන් ඉවත් වීම නිසා ආසියානු කුසලාන තරගාවලිය ආරම්භයේදීම බංග්ලාදේශයට සැලකිය යුතු පහරක් එල්ල වී ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය පෙන්වා දෙන්නේ.

බංග්ලාදේශය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ජාතික තේරීම් කමිටුව ඔහු වෙනුවට 30 හැවිරිදි කඩුලු රකින පිතිකරු Anamul Haque Bijoy නම් කර ඇති අතර ඔහු අද ශ්‍රී ලංකාවේදී සංචිතයට එක්වීමට නියමිතයි.

ආසියානු කුසලාන තරගාලියේ සම සත්කාරක ශ්‍රී ලංකාවට එරෙහිව බංග්ලාදේශය අගෝස්තු 31 පල්ලෙකැලේ දී තරගවදින බවයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This