ඉඩාලියා නිසා ෆ්ලොරිඩාවේ 225,000කට වැඩි පිරිසකට විදුලිය විසන්ධි වෙයි (VIDEO)

ඉඩාලියා නිසා ෆ්ලොරිඩාවේ 225,000කට වැඩි පිරිසකට විදුලිය විසන්ධි වෙයි (VIDEO)

ඉඩාලියා සුළි කුණාටුව ෆ්ලොරිඩාවට ළඟා වීමෙන් පසු 225,000කට වැඩි පිරිසකට විදුලිය විසන්ධි වී තිබෙනවා

ජෝර්ජියාවේ 230,000කට පමණද විදුලිය නොමැති බවයි පැවසෙන්නේ

විදුලිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ෆ්ලොරිඩා විදුලි සේවකයින් 40,000 ක් පමණ කටයුතු කරමින් සිටින බවද විදෙස් මාධ්‍ය පවසනවා

ගිනිකොණදිග එක්සත් ජනපද වෙරළ තීරය ඔස්සේ කුණාටුව ගමන් කරන බැවින් ජෝර්ජියාවේ මෙන්ම දකුණු කැරොලිනාවේ සහ උතුරු කැරොලිනාවේ ප්‍රදේශවල වෙරළබඩ සහ අනෙක් ප්‍රදේශවලත් ගංවතුර අපේක්ෂා කෙරෙන බව සඳහන්

කුණාටුව තවමත් ඉතා භයානක තත්ත්වයක පවතින බව ජනාධිපති ජෝ බයිඩන් අනතුරු අඟවා තිබෙනවා

ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ජනතාව තවමත් ඉවත් කිරීමේ නියෝග යටතේ සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

කුණාටුවෙන් මරණ කිසිවක් තහවුරු වී නැති නමුත් ෆ්ලොරිඩා අධිවේගී මාර්ගයේ වැසි සහිත තත්ත්වයන් නිසා ඇති වූ මෝටර් රථ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

;

Share This