තම දියණිය ඝාතනය කර ශීතකරණයේ දැමූ බ්‍රසීල කාන්තාවක් අත්අඩංගුවට

තම දියණිය ඝාතනය කර ශීතකරණයේ දැමූ බ්‍රසීල කාන්තාවක් අත්අඩංගුවට

දියණිය ඝාතනය කර ඇගේ සිරුර කොටස්වලට කපා දැමීම සම්බන්ධයෙන් බ්‍රසීල කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා

බ්‍රසීලයේ කාන්තාවක් සිය දියණිය ඝාතනය කර ඇගේ සිරුර කපා දැමූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නව හැවිරිදි දැරියගේ සිරුරු කොටස් සති තුනකට ආසන්න කාලයක් සාඕ පවුලෝ හි පිහිටි ඇගේ නිවසේ ශීතකරණයක් තුළ තිබීයදී පොලිසිය විසින් සොයා ගත් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

30 හැවිරිදි Ruth Floriano නමැති මෙම කාන්තාව අගෝස්තු 26 වනදා අත්අඩංගුවට ගෙන ඇති බවද සඳහන් .

පසුගිය අගෝස්තු 8 වැනිදා සිට 9 වැනිදා දක්වා කාලය තුළ මත්ද්‍රව්‍ය පානය කර දැරිය ඝාතනය කළ බවයි Ruth Floriano නමැති මෙම කාන්තාව පොලිසියට ප්‍රකාශ කර තිබෙන්නේ

ඇයගේ අනෙක් දරුවන් දෙදෙනා ළමා ආරක්‍ෂිත මධ්‍යස්ථානයක භාරයට පත් කර තිබෙනවා

Ruth Floriano තම දියණිය වන ඇලනි සිල්වාගේ සිරුරේ කොටස් කපා දැමීමට පහසු ක්‍රමයක් සොයා ගැනීමට අන්තර්ජාලය ගවේෂණය කළ බවද බ්‍රසීල සිවිල් පොලිසියට පවසා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

දියණියට තම පියාගෙන් වෙන්වීම පිළිගැනීමට නොහැකි වූ නිසා Ruth Floriano මෙම ඝාතනය සිදු කළ බවද පොලිසියට පවසා තිබෙන බව සඳහන්

Share This