කළු මුහුදේ ධාන්‍ය ගනුදෙනුව සම්බන්ධයෙන් රුසියාවට එක්සත් ජාතීන්ගේ ප්‍රධානියාගෙන් යෝජනාවක්

කළු මුහුදේ ධාන්‍ය ගනුදෙනුව සම්බන්ධයෙන් රුසියාවට එක්සත් ජාතීන්ගේ ප්‍රධානියාගෙන් යෝජනාවක්

කළු මුහුද හරහා යුක්‍රේන ධාන්‍ය ආරක්ෂිතව අපනයනය කිරීමට ඉඩ සලසන ගනුදෙනුවක් නැවත පණ ගැන්වීමේ අරමුණින් රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව්ට නිශ්චිත යෝජනා මාලාවක් යවා ඇති බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසනවා

රුසියාව පසුගිය ජූලි මාසයේදී ධාන්‍ය ගනුදෙනුවෙන් ඉවත්වුණා

මේ අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ තුර්කි ජනාධිපති තායිප් එර්ඩෝගන් අතර හමුවක් පැවැත්වීමට නියමිත අතර එම හමුවේදී කළු මුහුදේ ධාන්‍ය අපනයනය ගැන සාකච්ඡා කිරීමට නියමිත බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

කළු මුහුදේ ධාන්‍ය ගිවිසුම 2022 පෙබරවාරියේදී රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමත් සමග වඩාත් නරක අතට හැරුණු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා

රුසියාව සහ යුක්‍රේනය යන රටවල් දෙකම ප්‍රමුඛ ධාන්‍ය අපනයනකරුවන් වන අතර මෙම ගිවිසුම අහෝසි කිරීම හේතුවෙන් ගෝලීය ආහාර අර්බුදයකට ඉඩ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වුණේ

Share This