ශ්‍රී ලංකා ක්‍රිකට් දේශීය ක්‍රිකට් තරග අත්හිටුවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් දේශීය ක්‍රිකට් තරග අත්හිටුවයි

වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි අත්හිටුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

මේ වනවිට ක්‍රියාත්මක වන අන්තර් සමාජ තුන්දින තරගාවලිය සහ ආරාධිත ක්‍රිකට් සමාජ අතර පැවැත්වෙන Tier – B තුන්දින තරගාවලිද ඊට ඇතුළත් බවයි සඳහන් වන්නේ.

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අභියාචනා උපදේශක කමිටුව විසින් සිදුකළ නිර්දේශයක් අනුමත කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අගෝස්තු 25 වනදා ලිඛිත උපදෙස් ලබාදුන් බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Share This