ඉන්දීය – පාකිස්ථාන තරගයට වර්ෂාවෙන් බාධා

ඉන්දීය – පාකිස්ථාන තරගයට වර්ෂාවෙන් බාධා

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.

තරගය පැවැත්වෙන්නේ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී යි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සමත් වූ ඉන්දීය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි ඉන්දීය කණ්ඩායම පන්දුවාර 4යි පන්දු 2ක් තුළ කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 15ක් ලබා සිටියා.

Share This