පාකිස්ථානයට ලකුණු 267ක ඉලක්කයක්

පාකිස්ථානයට ලකුණු 267ක ඉලක්කයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 266ක් ලබා ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනු ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව ඔවුන් පන්දුවාර 48යි පන්දු 5ක් අවසානයේදී සියලුදෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 266ක් පමණයි.

ඒ අනුව තරගය ජයගැනීම සඳහා පාකිස්ථානය හිමිවී ඇති ඉලක්කය ලකුණු 267ක්.

ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුලු 04 ලකුණු 66කදී දවා ගැනීමට පාකිස්ථාන පන්දු යවන්නන් සමත් වුණා.

ඉෂාන් කිෂන් ලකුණු 82ක් රැස්කළ අතර හර්දික් පාණ්ඩ්‍යා ලකුණු 87ක් රැස්කර ගත්තා.

Share This