සිම්බාබ්වේ හිටපු ක්‍රිකට් නායකයෙක් මියයයි

සිම්බාබ්වේ හිටපු ක්‍රිකට් නායකයෙක් මියයයි

සිම්බාබ්වේ හිටපු ක්‍රිකට් නායක Heath Streak මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මිය යන විට ඔහුට වයස අවුරුදු 49ක්.

මහා බඩවැලේ සහ අක්මාවේ පිළිකා තත්ත්වයකින් රෝගීව සිටියදී ඔහු මෙලෙස මිය ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පවසන්නේ.

ඔහුගේ බිරිඳ Nadine Streak විසින් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් Heath Streak මිය ගිය බව සනාථ කර තිබුණා.

මීට සති දෙකකට පමණ ඉහත දී ද Heath Streak මිය ගිය බවට අසත්‍ය පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ බව සඳහන්.

එසේම, 2021 වසරේ දී ඔහුට ක්‍රිකට් තහනමක් ICCය විසින් පනවා තිබූ අතර අදාළ තහනම පිළිගත් ඔහු තමාට එල්ල වූ චෝදනා ප්‍රතික්ෂේප කළා.

ලීග් තරගාවලි කිහිපයක අභ්‍යන්තර තොරතුරු පිටතට ලබා දීම ඔහුට එල්ල වූ චෝදනාවයි.

Share This