G 20 සමුළුවට චීන ජනපති සහභාගී නොවීම ගැන බයිඩන් කණස්සල්ලෙන්

G 20 සමුළුවට චීන ජනපති සහභාගී නොවීම ගැන බයිඩන් කණස්සල්ලෙන්

ඉන්දියාවේ පැවැත්වෙන G 20 සමුළුව මඟ හැරීමට චීන ජනාධිපති ෂී ජින්පින් සැළසුම් කිරීම ගැන තමන් කලකිරීමට පත්වන බව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබෙනවා

මේ සතියේ නවදිල්ලියේ පැවැත්වෙන G 20 සමුළුවට චීන අගමැති ලී ක්වියාං බීජිං නියෝජනය කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

“මම කලකිරීමෙන් ඉන්නේ… නමුත් මම ඔහුව බලන්න යනවා” යැයි එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් වාර්තාකරුවන්ට ප්‍රකාශ කර ඇති නමුත් එම මුණගැසීම කවදා සිදුවනු ඇත්දැයි සඳහන් කර නැහැ

එක්සත් ජනපද ජනාධිපතිවරයා සහ චීන ජනාධිපතිවරයා අවසන් වරට හමුව තිබෙන්නේ පසුගිය වසරේ ඉන්දුනීසියාවේ පැවැති සමුළුවේදී බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ .

ඉන්දියානු භූමිය සම්බන්ධයෙන් වූ නව සිතියමක් සම්බන්ධයෙන්ද චීනය සහ ඉන්දියාව අතර සබඳතා පළුදු වී ඇති බවද විදෙස් මාධ්‍ය මිට පෙර වාර්තා කළා.

Share This