රුසියානු ඩ්‍රෝන යානා රුමේනියාවට ඇතුල්වූ බවට යුක්‍රේනයෙන් ප්‍රකාශයක්

රුසියානු ඩ්‍රෝන යානා රුමේනියාවට ඇතුල්වූ බවට යුක්‍රේනයෙන් ප්‍රකාශයක්

තම රටට එල්ල වූ ප්‍රහාර මාලාවක් අතරතුර රුසියානු ඩ්‍රෝන යානා රුමේනියාවටද ඇතුල්වූ බවට යුක්‍රේනය චෝදනා කර තිබෙනවා.

විදේශ අමාත්‍ය Dmytro Kuleba Kyiv හි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකින් පසු වාර්තාකරුවන්ට පවසා තිබෙන්නේ යුක්‍රේනයට එම ප්‍රකාශය සනාථ කිරීමට ඡායාරූප සාක්ෂි ඇති බවයි.

රුසියානු සහ තුර්කි නායකයන් සාකච්ඡා පවත්වමින් සිටිය දී මෙම සිදුවීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

කළු මුහුද හරහා ආරක්ෂිතව ධාන්‍ය අපනයනය කිරීමට ඉඩ සලසන ගනුදෙනුව යළි පණ ගැන්වීමට ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමග සාකච්ඡා කිරීමට තුර්කි ජනාධිපති Recep Tayyip Erdoğan රුසියාවේ සෝචි නගරයට පැමිණ තිබුණා

රුසියාවේ කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා පනවා ඇති සම්බාධක ඉවත් කිරීම සඳහා බටහිරයන් විසින් කරන ලද ඉල්ලීම් ඉටු කරන තෙක් මොස්කව් ජූලි මාසයේදී අත්හැර දැමූ ගනුදෙනුව නැවත ස්ථාපිත නොකරන බව පුටින් මෙහිදී සඳහන් කර තිබෙනවා

කෙසේවෙතත් රුසියාව අප්‍රිකානු රටවල් හයකට නොමිලේ ධාන්‍ය සැපයීමේ සැලසුම් සමග ඉදිරියට යන බවත් ප්‍රවාහනය පවා නොමිලයේ සිදු කරන බවත් රුසියානු ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා ඇති බවයි වාර්තා වන්නේ

කඩා වැටුණු ඩ්‍රෝන යානා සම්බන්ධයෙන් යුක්‍රේනය සහ රුමේනියාව අතර ඇති වූ ආරවුලේ කේන්ද්‍රස්ථානය වන්නේ ද අවහිර වූ ධාන්‍ය ගනුදෙනුවයි.

රුසියාව මාසයකට වැඩි කාලයක් ඩැනියුබ් ගඟ දිගේ යුක්‍රේනයේ වරාය පහසුකම්වලට පහර දෙමින්, ධාන්‍ය අපනයනය කිරීමට ගංගාව භාවිතා කිරීම වැළැක්වීමට උත්සාහ කරන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

 

 

 

Share This