පාකිස්ථානයට ලකුණු 194ක ඉලක්කයක්

පාකිස්ථානයට ලකුණු 194ක ඉලක්කයක්

ආසියානු කුසලානයේ සුපිරි කණ්ඩායම් හතර දෙනාගේ තරග වටයේ අද(06) ආරම්භ වූ පළමු තරගයේ පළමුව පන්දුවට දුන් බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 193ක් රැස් කළා.

ඒ පන්දුවාර 38යි පන්දු 04ක් අවසානයේ සියලු දෙනා දැවී යාමත් සමගයි.

පාකිස්ථානයේ ලාහෝර් නගරයේ ගඩාෆි ක්‍රීඩාංගනයේ දී තරගය ආරම්භ වූ අතර බංග්ලාදේශ කණ්ඩායමටයි එහි කාසියේ වාසිය හිමි වූයේ.

ඒ අනුව පළමුව පන්දුවට පහර දීමටයි ඔවුන් තීරණය කළා.

මේ අතර ආසියානු කුසලානයේ සියලු තරගවල තොරතුරු සඳහා සිත FM හරහා සජීව සවන්දීමේ හැකියාව පවතිනවා.

ඒ අනුව තරගාවලියේ තොරතුරු පන්දුවෙන් පන්දුවට දැනගැනීම සඳහා 88.6න් හෝ 88.8න් සිත Fm නාලිකාවට සවන්දිය හැකි අතර sithafm.lk හරහා අන්තර්ජාලය ඔස්සේ ද සවන්දිය හැකියි.

Share This